Sunday, May 8, 2016

“ආරෝග්‍යා පරමා ලාභා”

මේ අපට හොඳින් හුරු පුරුදු බුදු වදනකි. ආරෝග්‍යා පරමා ලාභා යනු, නිරෝගී බව ලොකුම ලාබය බවයි. බුදු වදන එසේ තිබියෙදී අද යම් තැන්වලට තවෙකෙකුගේ රෝග පීඩාවන් ලොකුම ලාභය වී ඇති සෙයකි. ඒ බෙහෙත් සමාගම් වලටය, ලාභ ඉපැයීම වෙනුවෙන් ඉදිවූ රෝහල් වලටය, තව තවත් ඒ හා සම්බන්ධ අයටය....



වර්ථමාන ලෝකය පසුගිය ශත වර්ෂාවසානයේ තිබූ තරමට වඩා කිහිප පිම්මකින් දියුනු වී ඇතැයි පැවසේ. එහෙත් වර්ථමානයේ තරම් ලෙඩ රෝග බහුල වූ කාලයක් මෙදියත කවරදාකවත් තිබුනේදැයි සැක සිතෙන තරමට රෝගාබාධ බහුල වී ඇත. විවිධ නම්ය, විවිධ ලක්‍ෂනය. ඒ සඳහා පැයෙන් පැයට නිකුත් වන්නාවූ අළුත් මොඩලයේ බෙහෙත් වර්ගය. ඒ සඳහා උත්සුකව ක්‍රියා කරන්නාවූ බෙහෙත් කොම්පැණිය. ලෙඩ රෝග සොයා ගැනීම සඳහා වන්නාවූ අති නවීණ යන්ත්‍රෝපකරණය. දිනපතා නොයේක් පහසුකම්වලින් යුක්තව ගොඩ නැගෙන්නාවූ රෝහල්ය.
මේ සියල්ල විසින් පසක් කරන්නාවූ එක් තිත්ත ඇත්තකි. එනම් දියුනුයැයි සම්මත මේ ලෝකය දිනෙන් දින රෝගාතුර වෙමින් පවතින බවය. විසේශඥයන් විසින් මෙසේ විමට කරුණු කප්පරක් හෙලි දක්වා ඇත. නමුත් දිනෙන් දින ලෝක රෝගී ඝනත්වය විසල් වෙමින් පවතී.
මේවා අතරින් බොහෝ රෝග එක්කෝ සදාකල් බෙහෙත් කරමින් සිටිය යුතු ඒවාය. නැත්නම් මාරාන්තික ලෙඩ දුක්ය. අවාසනාව නම් සාතිශය බහුතරයක් වූ මෙම රෝග හඳුනා ගැනීමට හැකි වන්නේ අවසාන මොහොතේ වීමය. කොළඹ දිස්ත්‍රික්කය ලංකාවේ වැඩිම ජනගහණයක් ඇති 
ප්‍රශයක් වේ. කොළඹ මිනිසුන් හට බෝවෙන රෝගයක් පැතිරී යනවාට වඩා වේගයෙන් පිළිකාව ඇතිවීමේ සම්භාවිතාවක් ඇතැයි දන්නේ අතලොස්සකටත් අඩුවෙනි. මේ එක් තැනෙක අප හට කන වැකුණු සිදුවීමක් පමණි.
මෙසේ. වැළඳෙන්නාවූ එක් රෝගයක් සඳහා බොහෝ විට වියදම් කරන්නාවූ මුදල රුපියල් දස දහස් සංඛ්‍යාවන් ලක්‍ෂ සංඛ්‍යාවන් පසුකරමින්, මිළියන ගනනක් හෝ යම්විට කෝටි ගණනක් හෝ වන තරම් වන ලෙස අධික වී ඇත. එහෙත් අබග්ගය නම්, රෝග සඳහා ප්‍රථිකර්ම වලට පහසුකම් ගොඩනගන මට්ටමෙන් සියයට දහයක් වත් රෝගාබාධයන් වලක්වා ලීම සඳහා යොමු නොවීමයි.
එහෙත් යමෙක් උපන් වකවානුවේම, කිසිදු වෛද්‍ය පරීක්‍ෂනයකින් තොරව යමෙක් හට වැළඳීමට අවදානමක් ඇති භයානක රෝගාබාධයන් පිළිබඳව දැනගත හැකි නිවැරදි ක්‍රමයක් පෙරදිග අපට ඇත. එසේ හඳුනා ගත් විට ඉතා ලෙහෙසියෙන් එම භයානක තත්වය දුරු කර ගත හැක.
ඒ අපේ ජන්ම පත්‍රය හෙවත් කේන්දරය නිවැරදිව විග්‍රහ කිරීම තුලය.....




කේන්දරයක් තනා ගන්නේ අප මොලොවට ගෙන ආදේ කුමක්ද, ඒ අනුව අප කල යුත්තේ කුමක්ද, නොකල යුත්තේ කුමක්ද, අපට නැඟෙන්නාවූ අභියෝග මොනවාද, තිබේනම් ඒ කොයි වකවානුවේද, අප හට භයානක වූ රෝග කාරී තත්වයන්ගෙන් බැට කන්නට සිදු වේද, එසේ අවදානමක් තිබේ නම් ඒ සඳහා අප කල යුත්තේ කුමක්ද ආදී වශයෙන් විග්‍රහ කර ගැනීමටය.
එම කේන්දරයෙන් සාමාන්‍යයෙන් කියවා ගන්නට උත්සාහ කරන ප්‍රධාන කාරණා ගොන්නකි. ඒවානම්....


මූලික අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය

රැකියාව හා උසස්වීම්

විවාහය හා දරු මල්ලන්

රෝග පීඩා ආදිය හා කාල වකවානු

මිල මුදල් තත්වය, ගේදොර වතුපිටි තත්වය හා යානවාහන
ආදී ජනප්‍රිය කාරණා කිහිපයකි.
නමුත් අබග්ගයකට මේ කේන්දරය එය පසිඳලන්නා හෙවත් නැකත් කරු හෝ ජ්‍යොතීර්වේදියා වෙත යම් අයෙක් ගෙන, දිව යන්නේ මොනවා හෝ අකරතැබ්බයක් කඩා පාත් වූවිටය. එවිට බොහෝවිට, කල හැකි යමක් නැති වීමට ඇති ඉඩකඩ බහුල විය හැක.
කෙසේ වෙතත් කේන්දරයක් තුලින් කියැවෙන්නාවූ දහසකුත් එකක් කරුණු කාරණා අතරින් අප සූවිසේශී වශයෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එහිදී හඳුනා ගත හැකි ව්‍යාධීන් හෙවත් රෝගාබාධීන් ගැන පමණි.... මෙම රෝග කාරී තත්වයන් නිසි ලෙසින් හඳුනා ගැනීමට මූලික වන කේන්දරය සියයට සියයක් නිවැරදි විය යුතුය. එසේ නිවැරදි කේන්දරයක් සකසා ගන්නට නම්.....


කේන්දර හිමියාගේ නිවැරදි උපන් තොරතුරු වන උපන් දිනය, උපන් තැන, උපන් වේලාව යන දෑ නිවැරදිවම ලබා ගත යුතුය... එසේම තමනට සම්බන්ධ වන මව පියා සහෝදර සහෝදරියන් බිරිඳ, දරුවන් ආදී අවම වශයෙන් 5 දෙනෙකුගේ වත් නිවැරදි උපන් තොරතුරු ලබා ගත යුතුය... එසේ නිවැරදි තොරතුරු ලබා ගත් විට අදාල ජන්මියාගේ කේන්දරය ඔහු උපන් අවසාන තප්පරයටම නිවරදිව සකස් කරැ ගත හැකි වේ.  එවිට, කේන්දර හිමියාගේ හෝ ජන්මියාගේ ජීවිත ගමන් මග තුල භයානක රෝගකාරී තත්වයන් ඇතිවේද, එසේ වේ නම් ඒ ශරීරයේ කුමන අවයවය ආශ්‍රීතවද, පැන නගින්කොයි කාලයේද යන්න මැන බැලිය හැකිවනු ඇත. එහෙත් එය ඉතාම ඉවසීමෙන් යුතුව සිදු කල යුතුය. 



සීනි ආශ්‍රිත කෑම වැඩිපුර ගිල දැම්මොත් දියවැඩියාව සෑදෙන බැව් ගමේ ගොඩේ වුවත් ප්‍රසිද්ධ කථාවකි. පැණි රසට ලොල් වීම අහිතකර පුරුද්දකි. එයින් කියැවෙන්නේ, අප හට ලෙඩ සාදන්නට අපේ අහිතකර පුරුදු හේතුවක් වන බවය. එසේම ඕනෑම භයානක ලෙඩක් සෑදෙන්නට එම අය තුල වන්නාවූ හේතුවක් ඇත. ඒ හේතුව නිවැරදිව හඳුනා ගැනීමෙන් තමන්ට තර්ජනයක් වීමට ඉඩ ඇති රෝගකාරී තත්වය නිවැරදිව හඳුනා ගත හැක. කේන්දරයක් නිවැරදිව විග්‍රහ කරගත් විට ඒ ඒ තත්වයන් උද්ගත වන කාල වකවානු නිවැදිව හඳුනාගත හැක. අප පැරැණ්නන් මෙවන් වූදේ ගැන හොඳින් දැන සිටියෝය. උදාහරණයක් ලෙස, යම් උමතු රෝගියෙක් වේ නම් එම උමතු රෝගියාගේ උමතු තත්වය උත්සන්න වන්නේ හඳ මෝරන්නාවූ දිනවලදී බැව් ඔබ අප කවුරුනුත් දනී. ඒත් සඳ මෝරන්නාවූ සෑම විටම එම උමතු තත්වයන් එක ලෙසම ක්‍රියාත්මක වන්නේද නැත. ග්‍රහ චක්‍රයේ සඳුගේ ගෝචර ගමනේදී ඇතිවන උච්ච නීච ආදී තත්වයන්ද මේ සඳහා බලපානු ඇත. එනිසා, මෙවන් වූ දේ සිහියෙන් සංයමයෙන් යුතුව කේන්දරය විග්‍රහ කරගත යුතුය.

මෙසේ සෑම සියලු රෝග කාරී තත්වයකටම කුමන හෝ හේතුවක් ඇත. එම හේතුව නිවරදිව පිලියෙල කරගත් කේන්දරයේ අපූරුවට සටහන්ව ඇත. මේ හේතුව අප කුඩා කලදීම හඳුනා ගතහොත් එහිදී ඒහේතුව පැන නොනගින ආකාරයේ ක්‍රියා දාමයකට හා පරිසරයකට යොමු කරවීමෙන් එම තත්වය නිසැකවම දුරු කරැ ගත හැක.
එක් එක් ග්‍රහයා, එක් එක් සංයෝගයන්, දෘෂ්ඨින්, නැකැත් හා නැකැත් අධිපතීන් ක්‍රියාත්මක වන්නාවූ අයුරින් එකිනෙකාගේ රෝග තත්වයන්, එකිනෙකා හට එම රෝග තත්වයන් උද්ගත වීමට ඇති කාලයන් අපට සොයා ගත හැකි වනු ඇත. 
ඉදිරියේදී එක් එක් ග්‍රහයන් ඇති කරන්නාවූ තත්වයන් පිළිබඳවත්, අපේ පුරුදු අනුව ඇතිවන්නාවූ සංකූල තාවයන් පිළිබඳවත්, එක් එක් රෝගකාරී තත්වයන් සඳහා බලපාන්නාවූ ග්‍රහ තත්වයින්, කලයුතු හා නොකල යුතු දෑ අපට විග්‍රහ කර ගත හැක.
  
චිරං ජයතු....

ම. මල්ලව

rmallawa@gmai.com

No comments:

Post a Comment